ලංකාවේ ආර්ථික අර්බුදයට වගකිව යුතු අය !


අද මේ රටේ ජනතාවට එදිනෙදා බඩු භාණ්ඩ මිලදී ගන්න හැකියාවක් නැහැ. 2021 ට සාපේක්ෂව තුන් ගුණයකින් පමණ සෑම අත්‍යවශ්‍ය ද්‍රව්‍යයකම සහ ආහාර මිල ගණන් ඉහළ ගිහින් තියෙනවා. ඒ වගේම එදිනෙදා වැඩ කටයුතු ටික කරගන්න අවශ්‍ය කරන ගෑස් සහ ඉන්ධන ලබා ගැනීමට නොහැකි වීම නිසා සමාජයේ සෑම ක්ෂේත්‍රයක්ම අර්බුදයට ගිහින් තියෙනවා. ගොවිතැනට අවශ්‍ය ට්‍රැක්ටර් හා  යන්ත්‍ර වලට, ආහාර ප්‍රවාහනයට සම්බන්ධ රථවාහන වලට ඉන්ධන නැතිවීම නිසා රට පුරා ම ආහාර හිඟයක් ද ඇතිවෙමින්  තිබෙනවා. ඊට අමතරව කර්මාන්තශාලා ද විශාල වශයෙන් වැසී යමින් තිබෙනවා.


තේ වගාව ඇතුළු කෘෂි අපනයන ක්ෂේත්‍රයට පොහොර තහනම, ඉන්ධන හිඟය සහ ඩොලර් හිඟය දරුණු ලෙස බලපා තිබේ. මේ වසර තුළ අපනයන ආදායම 35% කින් පමණ අහිමි වීමක් සිදුවිය හැකි  බව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. මෙරටට  පැමිණෙන ගුවන් යානා ප්‍රමාණය 50% කින් අඩු වී තිබේ. වරායේ කටයුතු අඩපණ ව තිබේ. මුළු රටේම ගොඩනැගිලි තැනීම සම්පූර්ණයෙන්ම නතර වී තිබේ. සංචාරක ක්ෂේත්‍රය ද කඩා වැටී ඇත. ඒවායේ රැකියාව කළ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පාරට වැටී තිබේ. 


ලංකාවේ වර්තමාන අර්බුදය පාලනයෙන් තොරව අසීමිතව ණය ගැනීම නිසා ඇති වූ අර්බුදයක්. මේ රටේ රාජ්‍ය මුල්‍ය පාලනය කරන මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් නීතිමය වශයෙන් මේ විනාශයට වගකිව යුතු වෙනවා.


රාජ්‍ය මුල්‍ය තත්ත්වය ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා 2002 දී රාජ්‍ය මුල්‍ය වගවීමේ පනත ගෙන ආ අතර, එම පනත අනුව 2003 දී අපේ අයවැය පරතරය ද.ජා.නි.යෙන් 5% ක් විය යුතුයැයි නියම කරන ලදී. එමෙන්ම  දේශීය ණය ප්‍රමාණය ද.ජා.නි.යෙන් 2006 වන විට 85% ක් සහ  2013 වන විට 60% ක් විය යුතුය යන්න ද නියම කළේය. භාණ්ඩාගාරය විසින් ලබාදෙන ප්‍රමාණය ද.ජා.නි.යෙන් 4.5% ක් විය යුතු විය. මුදල් අමාත්‍යංශ ලේකම්වරු සහ බලධාරීන්මේ ඉලක්ක කිසිම විදිහකට ඉෂ්ට කළේ නැහැ. 65% ක්  කරනවයි කියපු ණය බර මේ වෙනකොට 130%, දෙගුණය ඉක්මවලා ගිහිල්ලා තිබෙනවා. රජයේ අයවැය පරතරය මේ වෙනකොට 11.3% ට ගිහිල්ලා තියෙනවා.


226  විතරක් නෙවෙයි මූල්‍ය මණ්ඩල නිලධාරීන් ද මේකට සම්පූර්ණයෙන් වගකිව යුතුයි. 2020 මාර්තු මාසේ අන්තර්ජාතික අරමුදල (IMF) ලංකාවේ ණය තත්ත්වය ඉතාම අස්ථාවරයි, වහාම පියවර ගන්න කියලා අපට දැනුම් දී ඇත. IMF අනතුරු ඇඟවීමක් කරලා තියෙද්දි  සීමාවකින් තොරව සල්ලි අච්චු ගසා ඇත. ඩොලරය කෘතීමව ස්ථාවරව තබා ගැනීමට මහ බැංකුව සතු විදේශ සංචිත මුදා හැර ඇත.   පාලකයින්ගේ හා මූල්‍ය බලධාරීන්ගේ වැරදි වලට වන්දි ගෙවීමට මේ රටේ සමස්ත ජනතාවටම සිද්ධ වී ඇත. මේ පිළිබඳව ප්‍රායෝගික ප්‍රතිපත්ති මාලාවක් සහ වැඩ පිළවෙලක් රටට අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. අප එය  දැනට නිර්මාණය කර ඇත. එය තවදුරටත් ශක්තිමත් හා පරිපූර්ණ කිරීමට බුද්ධිමත් ඔබගේ උපකාරය උවමනා කර තිබේ.

 

 

Comments

Popular posts from this blog

අනවශ්‍ය රාජ්‍ය සේවය රටට බරක් !