ලංකාවේ ආර්ථික අර්බුදයට වගකිව යුතු අය !
අද මේ රටේ ජනතාවට එදිනෙදා බඩු භාණ්ඩ මිලදී ගන්න හැකියාවක් නැහැ. 2021 ට සාපේක්ෂව තුන් ගුණයකින් පමණ සෑම අත්‍යවශ්‍ය ද්‍රව්‍යයකම සහ ආහාර මිල ගණන් ඉහළ ගිහින් තියෙනවා. ඒ වගේම එදිනෙදා වැඩ කටයුතු ටික කරගන්න අවශ්‍ය කරන ගෑස් සහ ඉන්ධන ලබා ගැනීමට නොහැකි වීම නිසා සමාජයේ සෑම ක්ෂේත්‍රයක්ම අර්බුදයට ගිහින් තියෙනවා. ගොවිතැනට අවශ්‍ය ට්‍රැක්ටර් හා යන්ත්‍ර වලට , ආහාර ප්‍රවාහනයට සම්බන්ධ රථවාහන වලට ඉන්ධන නැතිවීම නිසා රට පුරා ම ආහාර හිඟයක් ද ඇතිවෙමින් තිබෙනවා. ඊට අමතරව කර්මාන්තශාලා ද විශාල වශයෙන් වැසී යමින් තිබෙනවා. තේ වගාව ඇතුළු කෘෂි අපනයන ක්ෂේත්‍රයට පොහොර තහනම , ඉන්ධන හිඟය සහ ඩොලර් හිඟය දරුණු ලෙස බලපා තිබේ. මේ වසර තුළ අපනයන ආදායම 35% කින් පමණ අහිමි වීමක් සිදුවිය හැකි බව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. මෙරටට පැමිණෙන ගුවන් යානා ප්‍රමාණය 50% කින් අඩු වී තිබේ. වරායේ කටයුතු අඩපණ ව තිබේ. මුළු රටේම ගොඩනැගිලි තැනීම සම්පූර්ණයෙන්ම නතර වී තිබේ. සංචාරක ක්ෂේත්‍රය ද කඩා වැටී ඇත. ඒවායේ රැකියාව කළ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පාරට වැටී තිබේ. ලංකාවේ වර්තමාන අර්බුදය පාලනයෙන් තොරව අසීමිතව ණය ගැනීම නිසා ඇති වූ අ...