අනවශ්‍ය රාජ්‍ය සේවය රටට බරක් !
අපට තිබෙන අර්බූදයට කෙටි කාලීණ විසඳුම යම් විදේශ ණයක් ලබා ගැනීමයි. රජය IMF සාකච්ඡා වලින් බලාපොරොත්තු වෙන්නේත් එයමයි. නමුත් ණය ආපසු ගෙවීම පිළිබඳ විධිමත් වැඩ පිලිවෙලක් රජය ඉදිරිපත් කරනා තුරු කිසිවෙක් අපට ණය දෙන්නේ නෑ. කාලාන්තරයක් තිස්සේ විවිධ රජයන් විසින් කල වැරදි නිවැරදි කර ගැනීමට වර්තමාන ආණ්ඩුවට සිදුව තිබෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි දිගු කාලීන විසඳුම් සොයා ගත යුතුයි. ඒ සඳහා විදේශ ආදායම් වැඩි කරගන්නා සහ වියදම් පාලනය කරගන්නා අයුරු ද, දේශීය ආදායම් වැඩි කරගන්නා සහ වියදම් පාලනය කරගන්නා අයුරු ද, සැලසුම් කළ යුතුය. 2021 වසර වන විට අපේ අයවැය පරතරය , දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 12% ඉක්මවා තිබුනා. අයවැය පියවන්නට දිගින් දිගටම මුදල් අච්චු ගැසීමෙන් වන්නේ රට තව තවත් අගාධයට යාමයි. රාජ්‍ය වියදම් සම්බන්ධයෙන් ප්‍රතිපත්තිය විය යුත්තේ වියදම අඩු කිරීමටත් වඩා වියදම් පාලනයට හා නාස්තිය දූෂණය අවම කිරීමට උපරිම අවධානය යොමු කිරීමයි. 2021 වසරේ රාජ්‍ය වියදම , රුපියල් බිලියන 3,521 ක් වුනා. මින් පියල් බිලියන 774 ක් ප්‍රාග්ධන වියදම්. ඉතිරි රුපියල් බිලියන 2,748 ක් පුනරාවර්ථන වියදම්. ඒ ත...